lankablogger

Monday, June 20, 2011

සත් වසක් පුරාවට.....

සත් වසක් පුරාවට.....
සෙවනැල්ලක් මෙන් ලඟ හිඳ...
ඇසිපියෙන් එපිටට යා නොදී කඳුලු රැක ගෙන....
දහසකුත් හිස් කතා බොරු රණ්ඩු ඉවසගෙන.....
 ලඟ උන්නෙ ඔබ තමයි සෙනෙහසින් හැමදාම..............

සත් වසක් පුරාවට
වුනු දේද බොහොමයි නොවිය යුතු දෑද
අනන්තයි....
ලඟ බලා දුර නොබල කලකී වැරදී බෝමයි
නමුදු ඔය සෙනෙ නම් නොසිඳෙයි.....

සත් වසක් පුරාවට
කවදාවත් මිලාන නොවු ප්‍රේමය....
කිසිදා ශේෂ නොවු ඉවසීම....
මා හටම වෙන් කෙරුන ඔබේ කාලය.....
සිහිනෙනුත් හැබැහිනුත් ප්‍රේමයෙන් නුඹට පැරදිම් මම.....

සත් වසක් පුරාවට
පියෙකි ඔබ මට සහෝදරයෙකි...
මිතුරෙකි සොඳ පෙම්බරෙකි නිති...
සැමියෙකි අද සෑම බිරිඳක්ම පතන, පැතිය යුතු.....

සත් වසක් පුරාවට
වුනු සෑම වරදකට සමා වුව මැන පෙර මෙන්...
ඔබට බොහෝමයක් පිං..සෙවනැල්ල සේ අඳුරේදීවත් මා හැර නොයනවාට......
ඉදින් අවසරයි පතන්නට සත් වසක් නොව සත් ඡන්මයක්ම
ඔබේම වන්නට.....

No comments:

Post a Comment