lankablogger

Thursday, March 24, 2011

තාත්තා (in low)

දරුවො ලොකු මහත් කරලා සමාජෙ කෙලින් ඉන්න පුලුවන් මිනිහෙක් කරන එක දෙමව්පියන්ගේ ලොකුම වගකීමක්.අම්මෙක් නැතුව පුංචි දරුවෝ 3ක් ලොකුමහත් කරන එක තරුණ වයසෙ උන්න තාත්තෙකුට ඒක කොයි තරම් අමාරු වෙන්න ඇද්ද.......මහ ලොකු සැපක් දෙන්න බැරි උනත්....අම්මා වගෙ හුරතල් කරන්න,රස කෑම හදන්න බැරි උනත්....වේලක් ඇර වේලක් හරි මොනවා හරි අපිට කන්න දීලා වේල් ගනන් බඩගින්නේ උන්නු..බස් එකට සල්ලි නැතුව පැය ගානක් පයින් ගියපු,නූල් ඇඳුන පරණ ඇඳුම් ඇඳ ඇඳ අපිට කොහොමින් හරි ඇඳුම් පොත් අරන් දුන්න..වෙන උණුහුමකට ලං නොවි දරුවන්ටම ජීවිතය දිය කරපු ඒ තාත්තා රත්තරං නේද.......
අදටත් දරුවෝ වාහන වල යද්දි බස් එකේ යන...දුන්නොත් මිසක දරුවන්ගෙන් කිසිත් නොයදින......තමන්ගෙ වියදම තමන්ම සරි කර ගෙන සති අන්තෙට පලතුරු සලාදයක්,පලතුරු බීමක් හදාගෙන දරුවෝ බලන්න උදේම යන....කවදාවත් උඔලා ලොකුමහත් කරන්න දුක් වින්දා..හෝ ඒ ගැන මොකුත් නොකියන.....මගෙ පුතා මගෙ දුව ගැන උජාරුවට කතා කරන....
'තාත්තේ' බුදු පිලිමේ ලඟ ඔය රුවද තියා වැඳිය යුතු නොවේද අප........

දරු දුක උහුලා........
තනිව වැලපෙනා.......
බුදු බව ලබනා.... පියවරු වෙසෙනා....
පු...ජා.... පුජා වෙවා.......

මහමෙර වැනි බර සිතින් උහුලනා......
කදුලැලි සමුදුර නෙතින් සන්ගවනා......
දරු දුක උහුලා තනිව වැලපෙනා......
බුදු බව ලබනා.... පියවරු වෙසෙනා....
පු...ජ.... පුජා වෙවා........

මව් ඇති දාටත් සෙනෙහස පුදනා.....
මව් නැති දාටත් තුරුලේ රකිනා.....
බුදු බව ලබනා පිය වරු වෙසෙනා.....
පු...ජා... පුජා වෙවා.....!!