Friday, February 11, 2011

ඔහුට සම කල හැකිද කිසිවෙක්

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා....
නිදි ගන්වා යහන් ගැබෙ
සිහිනෙන් ගෑ මුදු සුවඳක්මෙන් සිහි වෙයි ඒ කිරිසුවඳ ඔබේ..
දවසින් දවසට සෙනෙහස ලබැඳි ගෙන දී දිවියට
 නව පණ ලැබැඳි මා දැඩි කල අම්මා....

....අම්මි ගාව දැවටි දැවටි  කිරි බිපු ,නැලවිලි අහගෙන නිදා ගනිපු පුංචිම පුංචි කාලේත් ඔබ හිටියා මතකයි සිහිනෙන් වගෙ.........

 බනිනෙපා  පොඩි දෝණිට ගහන්නෙපා
හාල් මිටක් දු අරගෙන ඇත්තේ ...සෙල්ලම් බතක් උයන්නයි.....

........සෙල්ලම ලෙල්ලම වෙලා ගුටි වදිද්දි ඔබ තැවුනා .....  මතකයි කිව්වා.....හරිම ආදරෙන්

ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ . .
ඉගිලී යන්නද සිත බලන්නේ . .
ගැහැනු ළමයිනේ . . අවට අලංකාරයිනේ . .
සිහිනෙන් දුටු දේ . . විසිරී යයිනේ . ..

යොවුන් මදයෙන් හිත සැලෙද්දි බිඳෙන සිහින වල තතු හරි අපුරුවට  කියාදුන්නෙ ඔබයි......

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම් ............

 ප්‍රේමයෙන් මුසපත් උන පෙම්වතුන්ගෙ බොලඳ පෙම් වදන් තුල සැඟවි සිටියේත් ඔබමයි.....

ඇදුරුතුමියයි ප්‍රේමයෙ ඔබ........
ඇදුරුතුමියි යෞවනේ.....
සොම්නසෙ ආනන්දයේ
හසරැල් තරංගෙ උල්පතයි.....

 ඔබෙ හඩින් ඔහු කීව්වා   අප සිත් පෙමින් බැඳුනා.........

දුර ඈත අතීතේ
කඳු සීත පලාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ . .

 ලොවට හොරෙන් ගලා ගිය අපෙ ආදරෙ කතන්දරෙ ....ඔබට දැනුනා

හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන්....
අද නොපැමින අන් දිනයක වැහි රැගෙන එන ලෙසින්
දිග කලෙකින්ඈ මුණ ගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොඳුරු මොහොත අඳුරු වෙයි සැනින්....

 මා එනතුරු මඟ බලමින් ඔහු හා උන්නේද ඔබමයි

අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . .
හඳ පානේ . . මඳ අඳුරේ . . .
අත් පටලා යමු ආයේ . . .

 හෙවනැලි වලටත් හොරෙන් මිදී ඇවිත් පෙම් ලෝකේ සුව විඳින්න හීන දකිද්දිත්

පෙම් ගීතේ සංගීතේ මිහිර වින්ඳෙමු
අපි සැන්දෑවේ ගංගාවේ පාරු පැද්දෙමූ
වෙන් නොවන්න කිසිම දිනෙක සිතා ගත්තෙමු
ඇගේ ආදරේ සිතුම් . . ආදරේ පැතුම්
පහන් දැල්වුනා.....

අමරණීය පෙම් සුවයෙන් නැලවෙද්දිත් ඔබ උන්නා මතකයි ........

සඟවා ගනු මැන
ඔබැ රුව සොඳුරියේ
වෙනැකෙකු නෙත් ඔබැ
මුව මත ගැටෙතැයි මා සිත බියවී . .
සැලී සැලී යයි . . .

මගෙ ඊර්ෂ්‍යාකාර පෙම්වතා තුලත් සැඟව සිටියේ ඔබයි

මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකී
අනුන් හෙලන්නට වලක් කපන්නා
ඒ තුල වැටිලා මිය යන්නා
කල දේ පලදේ එලෙසේ . .

 මාගේ මානය බින්දෙ ඔබයි.......

මලක් වන්නට නොහැක හිමියණි
මිනිස් බව ලැබ සිටින මා හට...
මලක් අද ඔබෙ දෙපා පාමුල
විඳින සැනසුම නොමැත මා හට
මලක් වුදා මගෙ ජිවය ඔබේ පාමුල පර උනාවෙ...

 බුද්ධාලම්භන ප්‍රිතිය හද ඡනිත කලෙද ඔබමයි....

 සැබෑවක් මා ක්ලැරන්ස්,දිවුල්,අමරසිරි,සුනිල්,කසුන් ඇරුනම brayan adams ටත්
ලොබ බැඳි ඇති බව......
ඒත් වික්ටර්....වික්ටර්.....වික්ටර්...
ඔය නද තරම් මා නැලවු, මා සැනසු ,මා හැඞවු.......
නදක් තව කොහිද........

           'වික්ටර් රත්නායක' නම් ගාන්ධර්වයානෙනි....
.......මා හද තුල  සදා අමරණිය තනි තරුව ඔබයි..........
තෙරුවන් සරණින් නීරෝගීව චිරාත් කාළයක්..යෙහෙන් වැජඹේවා....!!!

Thursday, February 10, 2011

හිත නැවතෙන තැන......

ආවත් දුරක බැඳිලා වෙනතක හාද
දුන්නත් සිනා කිංකි හද නිම්නාද
තිබුණත් යසස සැනසුම හිමි සඳ ගාව
සත්තයි අම්මෙ දැනෙනවා ලග නැති අඩුව..............

තේ එක ඇඳට කුස්සිය මට තහනම්ය
අම්මේ වෙර දැරුවේ මා රජ කරන්නද
රජ කිරුලත් රජුත් අද මා සන්කයය.
අම්මා තවම කුස්සියේ දුම් පිඹිනවද....

සෙනෙහස මහ මෙරක් ඔබ මට පෑ බෝම
දුන් රැකවරණෙ නිදහස මහ මෙරක් ලද
එන විට හවස වැඩ ඇරිලා වැටෙන් පැන
තාත්ති තවම දූ කොහෙදැයි හොයනවද.........

බාලෙ බැඳි සෝයුරු සෙනෙහසින් තද
සුවඳයි මතක හිරැ සඳු මෙන් උන්න ළඟ
අපි දැඩි වෙලා සරණින් වුවත් දුරක
අයියේ නංගි තවමත් ඒ දෝණිමය........