හීනෙනුත් ලඟ ඉන්න
සුසුමෙනුත් තනි රකින
ඉදින් ඔබ හිරු සඳුය
එළිය කල මගේ ලොව...
මුදු හාදු ,රළු බැනුම්
මා නිවන බොළඳ බස්
ආදරෙ උතුරනා නුඹේ
දොඩමළු දෑස්..
විඩා දුරලන උරතල ...
පපුතුර සදන සුව යහන...
උණුසුමයි අපේ කැදැල්ලේ ..
සැනසුමයි නුඹෙ තුරුල්ලෙ...
වැටුණ විට නැඟිටින්න
අඞ අඞා හිනැහෙන්න
අගෙයි ඔබ දුන් දිරිය
දෑත දී නැගිටින්න....
කඳුල සිනහව අතර
මාරු වෙන ජිවිතේ
නුඔ එක්ක බෙදා ගෙන
හවුලේ ඉන්නවා වගෙ...
සුරපුරක් තව කොහිද
අපේ ජිවිතේ වගෙ....
............දයාබර බිරිඳ......(26/01/2011 ලියන ලදි)
No comments:
Post a Comment